Gossips

මාමාගේ අතින් ඝාතනය වූ පස්සර ලේලිය

පස්සර, මීරියබැද්ද ප්‍රදේශයේදී නිවසක් ඉදිරිපිටදී පිහියකින් කපා කාන්තාවක් ඝාතනයකර තිබෙනවා.
ඊයේ (05) පස්වරුවේ මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.
පවුල් ආරවුලක් මත මියගිය කාන්තාවගේ සැමියාගේ පියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
40 හැවිරිදි වියේ පසුවූ නෙලූකා ප්‍රියන්ති නමැති කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.
අපරාධය සිදුකළ 65 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය වැඩිදුරටත් පවසන්නේ ඔහු අද (06) දින බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.