Gossips

ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුව සියයට 50 ක ප්‍රතිශතයක් අපේක්ෂාවෙන්

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සියළු දිස්ත්‍රික්කවලින් සියයට 50ට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ගාල්ල ප්‍රදේශයේ ඊයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපල මෙන්ම ඉදිරියේදී දක්ෂිණ අධිවේගී මාර්ගයද ආණ්ඩුව විසින් විකිණීමේ අවදානමක් පවතින බවට තමන්ට සැකයක් පවතින බව බැසිල් රාජපක්ෂ එහිදී සඳහන් කළා.