Gossips

විපක්ෂ නායක ගැන සන්ධානයේ මතය

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මතය හෙට (06) දිනයේදී කථානායකවරයා වෙත දැනුම් දෙන බව සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ මාතලේ අද (05) පැවැති උත්සවයකට එක්වෙමින්.
මේ අතර, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇඹිලිපිටියේ අද (05) පැවැති තවත් මාධ්‍ය හමුවකදී විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
මන්ත්‍රීවරයා කියා සිටියේ විපක්ෂ නායක ධුරය ගැන සන්ධාන මහලේකම්වරයාගේ මතයක් අවශ්‍ය නොවන බවයි.