Gossips

පරිභෝජනයට නුසුදුසු ලුණු තොගයක් හුංගමින් අල්ලයි (ඡායාරූප)

මිනිස් පරිභෝජනයට නුසුදුසු ලුණු තොගයක් වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ හුංගම නගරයේ පෞද්ගලික ගබඩාවකට අම්බන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මුද්‍රා තබා තිබෙනවා.
ලුණු නිෂ්පාදන කර්මාන්තශාලාවක් ලෙස පවත්වාගෙන ගොස් ඇති මෙම ස්ථානය කලක පටන් වසා දමා තිබී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් එහි ගබඩා කර තිබූ ලූණු තොග දැඩි ලෙස අපිරිසිදු තත්ත්වයක තිබී ඇති අතර, එම ලුණු තොග ලොරි රථයකට පැටවීමට සූදානම් වන අවස්ථාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ මෙම වැටලීම සිදුකර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගබඩා අයිතිකරුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.

ඡායාරූප – අම්බලන්තොට, අජිත් පුෂ්පකුමාර