Gossips

පියාගේ නිසල දේහයට වැඳ අශිර්වාද අරන් අද උදේම ශිෂ්‍යත්වය ලියන්න ගිය දිරිය දියණියගේ සංවේදී කතාව (ඡායාරූප)

වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ සිය පියාගේ නිසල දේහය නිවසේ තැන්පත්කර තිබියදී අද (05) දින පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි දැරියක් පිළිබද පුවතක් අම්පාර, දමන, මරියකන්ද ප්‍රදේශයෙන් වාර්තා වනවා.
සිය පියාගේ නිසල දේහයට වැඳ ආශීර්වාද ලබාගෙන විභාගය සඳහා දැරිය පිටත්ව යන අවස්ථාව ඉතා සංවේදී අවස්ථාවක් වූ බවයි අප වාර්තාකරු කියා සිටියේ.
දියණිය ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිනිය ද දැරියගේ නිවසට පැමිණ ඇයව සනසවමින් දැරිය විභාගය සඳහා පෙනී සිටි මහානාගපුර විදුහලේ ස්ථාපිත කර තිබූ විභාග ශාලාව වෙත ඇයව කැඳවාගෙන යන්නට කාරුණික වී ඇති බව සඳහන්.
පෙරේදා (03) රාත්‍රියේ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම පුද්ගලයා වන අලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අරුණ ශාන්ත නැමැති 37 හැවිරිදි තිදරු පියෙක් බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

ඡායාරූප – අම්පාර, වසන්ත චන්ද්‍රපාල