Gossips

මොණරාගල තවත් ගුරුවරයෙකු අපයෝජන සිද්ධියකට අත්අඩංගුවට

මොණරාගල – බිබිල – පිටකුඹුර ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකු සිසුවියක් අපයෝජනය කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ බිබිල ප්‍රදේශයේ පාසලක සිසුවියක් වසර දෙකක් පුරා ගුරුවරයා විසින් අපයෝජනයට ලක් කර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.
ඊයේ (04) අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා බිබිල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (06) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මීට පෙර ද දැරියක් අපයෝජනය කළ ගුරුවරුන් දෙදෙනෙකු මොණරාගල ප්‍රදේශයෙන් අත්ඩංගුවට ගෙන තිබුණා.