Gossips

තීරණාත්මක තරඟය ජයගන්න ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්වන එක්දින තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 07කට ලකුණු 363ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලැබුණු ඉලක්කය ලකුණු 364ක්.
එහිදී හෂීම් අම්ලා ලකුණු 59ක් රැස් කළ අතර රීසා හෙන්ඩ්රික්ස් ලකුණු 102ක් රැස්කරමින් දකුණු අප්‍රිකානු ඉනිම ශක්තිමත් කළා.
ජේ.පී. ඩුමිනි පන්දු 69කදී වේගවත් ලකුණු 92ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 04ක් සහ හතරේ පහර 08ක් ඇතුළත් වුණා.
ඔහුට අනෙගි සහයක් ලබාදුන් ඩේවිඩ් මිලර් රැස්කළ ලකුණු සංඛ්‍යාව 51ක්.
පන්දු යැවීමේදී තිසර පෙරේරා කඩුලු 04ක් බිඳ දැමු අතර ළහිරු කුමාර කඩුලු 02ක් බිඳ දැමුවා.
තරඟය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදීයි.
තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ දෙකට බිංදුවක් ලෙස දකුණු අප්‍රිකාව පෙරමුණේ පසුවන අතර තරඟාවලියේ රැඳී සිටීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය ජය ගැනීම අනිවාර්ය වනවා.