Gossips

යාල වනෝද්‍යානයේ කකුළුවන් ඇල්ලූ 06කට 35,000 බැගින් දඩ

යාල වනෝද්‍යානයේ බුතව කලපුවේ සිටි කකුළුවන් කිලෝ 400කට අධික ප්‍රමාණයක් ඇල්ලූ පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් ඊයේ (04) තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 35,000 බැගින් වූ දඩ මුදල් නියම කිරීමෙන් අනතුරුව මුදා හරිනු ලැබුවා.
මළු 6ක අසුරා තිබූ කකුළුවන් තොගය අධිකරණයේ අවසරය මත නැවත බුතව කලපුවට මුදා හැරීමට වනජීවි දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව සඳහන්.