Gossips

ඝාතනයකින් කෙළවර වූ දුරදිග ගිය බහින් බස් වීම

පුත්තලම, නාගවල්ලුව, පලාවි ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ඊයේ (04) පෙරවරුවේ පුද්ගලයින් දෙදෙනෙක් අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් එක් පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාගේ පපුවට පිහියකින් ඇන මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
මියගිය පුද්ගලයා 53 හැවිරිදි වියේ පසුවූ නාගවල්ලුව, පලාවි ප්‍රදේශයේදී පදිංචිකරුවෙක් බව සදහන්.
පිහියෙන් ඇනීම හේතුවෙන් බරපතල තත්වයේ පසුවූ පුද්ගලයා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.