Gossips

මිනිස් ජාවාරම මැඩලීමට ඒකාබද්ධ වැඩපිළිවෙලක්

මිනිස් ජාවාරමේ නිරත පුද්ගලයන් නීතියේ රැහැනට හසුකරගැනීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
ආගමන විගමන පාලක නිහාල් රණසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ වරාය, ගුවන් තොටුපල, රේගුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධ කරගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවයි.
මේ වනවිට සකස් කර ඇති සැළසුමට අනුව ලබන වසරේදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පෙන්වා දෙන්නේ මෙරට ගුවන් තොටුපල හරහා මිනිස් ජාවාරම් ලෙස සැක කළ හැකි සංක්‍රමණ සිදුවන බවයි. නීත්‍යානුකූල ගමන් බලපත්‍ර සහ වීසා ඉදිරිපත් කළද සංචාර ගමනාන්තය සැළකීමේදී ඔවුන් ඉදිරිපත් කරන කරුණු සාවද්‍ය ලෙස සැළකිය හැකි බව ඔවුන්ගේ අදහසයි.
කෙසේ නමුත් දැනට පවතින නීතියේ අඩුලූහුඩුකම් උපයෝගී කරගෙන මිනිස් ජාවාරම් ක්‍රියාත්මක වන බවටයි සැක පළවන්නේ.
නව පද්ධති ක්‍රියාත්මක කිරීමෙන් එම අඩුපාඩු වළක්වාගැනීමට අපේක්ෂා කෙරෙනවා.