Gossips

විදේශ සංචිත ඉහළ නැංවීමට මහ බැංකුව අපේක්ෂාවෙන්

මේ වසර අවසන් වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 9 ක විදේශ සංචිතයක් පවත්වාගැනීමට අපේක්ෂා කරන බව මහ බැංකුව පවසනවා.
මීට පෙර සැළසුම් කර තිබුණේ එලෙස ඩොලර් බිලියන 10 ක සංචිතයක් එක් රැස් කිරීමටයි.
මේ වසර මුලදී ස්වෛරීත්ව බැඳුම්කර අලෙවියෙන් පසු විදේශ සංචිතය ඉහළ ගියද පසුගිය මාසය මැද භාගය වනවිට එය ඩොලර් බිලියන 8.4 දක්වා පහත වැටුණා.
චීනයෙන් ලැබීමට නියමිත ඩොලර් බිලියනයක නව ණය මුදල සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් මිලියන 250 ක මූල්‍යාධාරයත් සමඟින් සංචිතය බිලියන 9 ඉක්මවනු ඇති බව මහ බැංකුවේ අපේක්ෂාවයි.