Gossips

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගෙන් කිම් ජොං අන් ට ලිපියක්

උතුරු කොරියානු නායක කිම් ජොං අන් වෙත යොමුකළ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පිළිතුරු ලිපියක්, උතුරු කොරියානු විදේශ අමාත්‍යවරයා වෙත සිංගප්පුරුවේදී භාරදී තිබෙනවා.
සිංගප්පූරුවේ පැවැත්වෙන අග්නිදිග ආසියානු ආරක්ෂක සමුළුවට සහභාගිවීම සඳහා උතුරු කොරියානු විදේශ අමාත්‍ය රී යොං හෝ සිංගප්පූරුවට පැමිණි අතර එහිදී ඔහුට එම ලිපිය ලබාදී ඇත්තේ පිලිපීනයේ ඇමරිකානු තානාපතිවරයා විසින්.
මෙම සමුළුවේදී ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ද උතුරු කොරියානු විදේශ කටයුතු අමාත්‍යවරයා මුණගැසුණු බව සඳහන්.
උතුරු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර මෙලෙස සබඳතා වර්ධනය වීමක් දක්නට ලැබෙන්නේ පසුගිය ජූනි 12 වනදා සිංගප්පූරුවේ පැවති දෙරටේ රාජ්‍ය නායක සමුළුවෙන් අනතුරුවයි.