Gossips

වෙනිසියුලානු ජනපති මදූරෝට ඩ්‍රෝන් ප්‍රහාරයක්

වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදූරෝ සජීවී ලෙස රූපවාහිනියෙන් ජාතිය අමතමින් සිටි අවස්ථාවක ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
කර්කාස් අගනුවරදී ඊයේ එල්ලවූ මෙම ප්‍රහාරයෙන් ජනාධිපතිවරයා දිවි ගලවාගත් බවයි වෙනිසියුලානු සන්නිවේදන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
එය ජනපති මදූරෝගේ ජීවිතයට එල්ල කළ තර්ජනයක් ලෙසද ඔහු හඳුන්වනු ලැබුවා.
කෙසේ නමුත් මෙම සිද්ධියේදී සොල්දාදුවන් හත්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඩ්‍රෝන් යානාවක් පැමිණ ගුවනේ පිපිරීයාමත් සමඟ සොල්දාදුවන් දිවයන අයුරු දක්නට ලැබුණු අතර, ඒ සමඟම සජීවී විකාශයද නතරවුණා.