Gossips

කෝටි දෙකක වාලම්පුරියක් අලෙවි කිරීමට තැත් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

කෝටි දෙකකට අලෙවි කිරීමට සැළසුම් කළ වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කොටවිල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහරගම සිට මාතර දක්වා අදාළ සැකකරුවන් දෙදෙනා එම වාලම්පුරි දෙක රැගෙනවිත් ඇති අතර, අනතුරුව මාතර සිට දෙවුන්දර නගරය වෙත රැගෙන යාමට උත්සහ කිරීමේදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරුවන් අතර වයස අවුරුදු 22 ක හිමිනමක් සිටින අතර, අනෙක් පුද්ගලයා වයස අවුරුදු 45 ක පමණ පුද්ගලයෙකු බව සඳහන්.
අදාළ සැකකරුවන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.