Gossips

දෙබර ප්‍රහාරයකින් ශිෂ්‍යත්ව සිසුන් සහ දෙමාපියන් 60 ක් රෝහලේ (ඡායාරූප)

පදවිය – ඒ යාය – ශ්‍රී සුදර්ශන විහාරස්ථානයේ බෝධි පූජා පිංකමක් සඳහා පැමිණි පිරිසකට අද දෙබර ප්‍රහාරයක් එල්ල වුණා.
හෙට පැවැත්වෙන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් එහි පැමිණ සිටි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
දෙබර ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් සහ දෙමව්පියන් 60 දෙනෙකු පදවිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් බරපතල තත්ත්වයේ පසුවන 11 දෙනෙකු අනුරාධපුර මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

ඡායාරූප – වව්නියාව මාධව කුලසූරිය