Gossips

පදවියේදී දෙබර ප්‍රහාරයකට ලක්වූ සිසුන් රෝහලෙන් නික්මේ

අනුරාධපුරය – පදවිය ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ශිෂ්‍යත්ව විභාග ආශිර්වාද පූජාවක් අතරතුර එල්ල වූ දෙබර ප්‍රහාරයකින් දෙමව්පියන් සහ සිසුන් 123 දෙනෙකු තුවාල ලැබුවා.
ඒ අතර සිසුන් 85 දෙනෙකු සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පදවිය – ඒ යාය, ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ ඊයේ පස්වරුවේ පැවති ආශිර්වාද පූජාවට ප්‍රදේශයේ දෙමාපියන් සහ අද දින පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් එක්ව තිබෙනවා.
ඒ අතරතුර හදිසියේම අසල තිබූ දෙබර වදයක් බිමට කඩා වැටී ඇති අතර එහි සිටි දෙබරුන් පිරිසට දෂ්ඨ කර ඇති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
ඉන් අනතුරුව ඔවුන් රෝහල් ගත කෙරුණු අතර, අප කළ විමසීමකදී පදවිය රෝහලේ අධ්‍යක්‍ෂවරයා කියා සිටියේ ඔවුන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවයි.
එම සිසුන් අද දිනයේ පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා සුදුසු සෞඛ්‍ය තත්ත්වයක පසුවූ බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.