Gossips

අද සිට සුළං වේගය වැඩි වෙයි

අද රාත්‍රියේ සිට දිවයින හරහා මෙන්ම දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර සහ ගිණිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල මෙලෙස සුළං වේගය වැඩිවීමේ හැකියාවක් පවතිනවා.
එමෙන්ම සබරගමුව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
මධ්‍යම කඳුකරයටත්, ඌව, සබරගමුව, බස්නාහිර, දකුණ පළාත්වලට සහ අම්පාර, මඩකලපුව, පොළොන්නරුව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට පැයට කිලෝමීටර 50 දක්වා තද සුළං ඇතිවිය හැකි බවයි එහි තවදුරටත් දැක්වෙන්නේ.
මේ අතර පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ පොතුවිල් හරහා කල්මුණේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 ක් 55 ක් දක්වා වැඩිවීමේ හැකියාව පවතිනවා.
මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රලු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.