Gossips

ජනතාව සතුටු වන ආකාරය ජනපති කියයි

ලිප්ටන් වටරවුමේ සිට ප්‍රශ්න කරන දේශපාලනඥයින්, ගමේ සංවර්ධන කටයුතු පිළිබදව ජනතාව සතුටු වන ආකාරය දැක බලා ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
පිබිදෙමු පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 14 ක් වැයකර ඉදිකෙරුණු හිඟුරක්දමන කාශ්‍යප පිරිවෙනේ අභිනව භික්ෂු නේවාසිකාගාරය සඟ සතු කොට පූජා කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
එම උත්සවයේ මුලසුන හෙබ වූ උඩරට අමරපුර මහා නිකායේ මහානායක මහෝපාධ්‍යාය පූජ්‍ය නුවරඑලියේ චන්ද්‍රජෝති හිමිපාණන් එහිදී මෙලෙස අනුශාසනාවක් සිදුකළා.
‘‘පරිපාලනයේ කුඩාම එකකයේ නිළය තාම ග්‍රමසේවක පදවිය එකත් පන්සලක ඉදන් කලේල පොඩි හමුසදුරුවොත් එක්ක බෝලත් ගහලා තියනවා. ඔය හිටියට, එහේම වෙලා අවසානයට ලංකාවේ පළමු පුරවැසියා වි අපේ මිතුරන් බවට ලොකයේ රාජ්‍ය නායකයින් පත්කිරිම එසේ මෙසේ බුද්ධි බලයක් නේමේ. එ ගැන අපේ ප්‍රසාදය පලකරනවාග’’
මේ අතර, පසුගියදා පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කිරීමේ උත්සවයේදී ජනාධිපතිවරයා ඉදිරියේ චතුර කථිකත්වයක් දැක්වූ කේ.ආර්.ශාලික ලක්ෂාන් රත්නායක ශිෂ්‍යයා මුණ ගැසීමට ජනාධිපතිවරයා අද ඔහුගේ නිවසට පැමිණියා.
මෙහිදී ඉදිකරමින් පවතින එම සිසුවාගේ නිවස සම්පූර්ණ කර දීමට ජනාධිපතිවරයා පොරොන්දු වී තිබෙනවා.