Gossips

ඒකාබද්ධයේ රැළිය අසාර්ථකයි – ඇමති අකිල විරාජ්

පසුගියදා ඒකාබද්ධ විපක්ෂය කොළඹ විහාරමහා දේවි එළිමහන් රංගපීඨයේ පැවැත්වූ විරෝධතා රැළිය අසාර්ථක බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
එහි මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කළුතර අද පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.
‘‘ ඉස්සර පොදුජන පෙරමුණේ රැස්වීම්වලට විශාල ප්‍රමාණයක් ගේන්න තමයි සංවිධානය කරලා තිබුණේ. අපි දැක්කා ඊයේ පෙරේදා කරපු විරෝධතා ව්‍යාපාරයේ ඉතාමත්ම සීමිත ජනතාවක් තමයි සහභාගි වුණේ. මම දන්න විදිහට බැසිල් රාජපක්ෂ මහතා පණිවිඩ යවලා තිබුණා ගේන්න එපා කියලා සෙනඟ. විමල් වීරවංශ මහත්තයගෙත් තවත් දේශපාලනඥෙයෙක්ගෙත් සෙනග තමයි වැඩිපුර ආවේ. ඒ වගේම නාමල් රාජපක්ෂ වැටෙන් පැනලා ගියා අපි දැක්කා. ඒ නිසා මට පේනවා එක්සත් ජාතික පක්ෂය අපි කළමනාකරණය කරගෙන නැවත සංවිධානය කරලා ඊළඟ එන ඕනෙම මැතිවරණයක් වෙනුවෙන් ගමන් කරන්න තීරණය කරලා තියෙනවා. පළාත් සභා මැතිවරණය ඉතාම ඉක්මනින් තියනවා. අපිට පල්වෙන්න වුවමනාවක් නැහැ. හුඟක් වෙලාවට දෙසැම්බර් අග හෝ ජනවාරි මාසේ මුල් සතිය තුළ පැවැත්වීමට තමයි එදා පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී තීරණය කරනු ලැබුවේ. මොන මැතිවරණ ක්‍රමයද පවත්වන්නේ කියන එක මේ බ්‍රහස්පතින්දා තීරණය කරලා අවසන් කරන්න එදා තීරණය වුණා.
ප්‍රශ්නය – රාජපක්ෂ මහත්තයා ජාත්‍යන්තරයට කියනවා මේ ආණ්ඩුව විකුණන ඒවා ගන්න එපා කියලා. එයාල ආවොත් නැවත සලකා බලනවා කියලා.
– රාජපක්ෂවරුන්ගේ කාලයේ තමයි සින්නක්කරව විකුණුවේ. අපි කළේ ඇත්තටම එය 99 අවුරුදු බද්දට 33 බදු ක්‍රමයකට යටත් කිරීම පමණයි කළේ ’’