Gossips

බාලවයස්කාර දැරියක් කෙළෙසූ බාලවයස්කරුවෙකු පොලිස් දැලේ

අවුරුදු දහතුනක බාලවයස්කාර පාසල් සිසුවියක් දූෂණය කළ පාසල් සිසුවෙකු වැල්ලවාය, කුඩාඔය පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 14ක පාසල් සිසුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
අදාල සිසුවිය පසුගිය 31 වනදා දහවල් පාසල් නිමවී නිවසට පැමිණ ඇඳුම් මාරුකරමින් සිටින අවස්ථාවේදී සැකකාර සිසුවා නිවසට පැමිණ ඇයව දූෂණය කර ඇති බව සඳහන්.
සිදුවීම සිදුවන අවස්ථාවේ සිසුවියගේ නිවසේ කිසිවෙක් සිට නොමැති මොවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් පැවති බවට අනාවරණය වී තිබෙනවා.
අදාල සිදුවීම පාසල් සිසුවිය විසින් දෙමව්පියන්ට පැවසීමෙන් අනතුරුව ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගැනුණු සැකකාර පාසල් සිසුවා වැල්ලවාය, සිරිපුරගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර බවයි කුඩාඔය පොලිසිය සඳහන් කළේ.
දූෂණයට ලක්වූ පාසල් සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇති අතර කුඩාඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.