Gossips

දැරියකට අතවර කළ මන්නාරම විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට

15 හැවිරිදි පාසල් දැරියකට ලිංගික අතවරයක් කිරීම සම්බන්ධයෙන් මන්නාරම – මුල්ලිකුලම රජයේ දෙමළ මිශ්‍ර පාසලේ විදුහල්පතිවරයා ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ළමා ආරක්ෂණ අධිකාරියට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී මෙම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
පසුගිය වසරේ දෙසැම්බර් මස දිනකදී අදාළ විදුහල්පතිවරයා මෙම දැරිය පිරිසිදු කිරීමේ කටයුත්තකට කාර්යාලයට ගෙන්වාගෙන තිබෙනවා.
පසුව දැරිය විවේක කාමරයකට රැගෙන ගොස් ලිංගික අතවරයක් සිදුකළ බවටයි සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
මේ සම්බන්ධයෙන් පාසලේ ගුරුවරුන් 3 දෙනෙකු ඇතුළු දස දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
සැකකාර විදුහල්පතිවරයා අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.