Gossips

කොටස් වෙළඳපොළ ගෙවී ගිය සතියේ අඩු පිරිවැටුමක්

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ගත වූ සතිය තුල අඩු මට්ටම් සලකුණු කළ අතර, සතිය පුරාම පිරිවැටුම පහළ මට්ටමක පැවතුණා.
සතිය තුළ සමස්ත දර්ශකය සියයට දශම එකයි හයකින් පහත වැටුණු අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද සියයට 1.1කින් පහත වැටුණා.
පසුගිය සතියේ කොළඹ කොටස් වෙළදපොළ පිරිවැටුමේ සාමාන්‍යය ඩොලර් මිලියන 1.8ක්.
විදේශ ආයෝජකයන් කොටස් අලෙවි කිරීම තවදුරටත් දක්නට ලැබුණු අතර, සතිය තුළ එලෙස විකුණූ කොටස්වල ශුද්ධ වටිනාකම ඇමරිකානු ඩොලර් පන්ලක්ෂයක්.
මේ වසරේදී මේ දක්වා කොටස් වෙළදපොළ සමස්ත දර්ශකය සියයට 3.5කින් ද, එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සියයට 9.5කින්ද පහත වැටී තිබෙනවා.