Gossips

හෙට රාත්‍රියේ සිට සුළඟේ වේගය ඉහළට

දිවයින හරහා සහ අවට මුහුුදු ප්‍රදේශවල සුළඟේ වේගය හෙට රාත්‍රියේ සිට වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මීට අමතරව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, හම්බන්තොට, අම්පාර, මඩකලපුව සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 ක් දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.