Gossips

යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මරුට

අනුරාධපුරය – මහවිලච්චිය – යාය 4, දුනුමඩලාව ප්‍රදේශයේ අද අලූයම සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී, තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මහවිලච්චිය – කිරල්පැටියාව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.
යතුරුපැදියේ පසුපස ගමන් කළ අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.