Gossips

අග්නිදිග දෙමාපියන් උපවාසයකට සැරසේ

අම්පාර – ඔලුවිල් හි අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන්ට සිදුවී ඇති අසාධාරණයට කඩිනමින් විසදුම් නොලැබෙන්නේ නම්, තමන් ද සත්‍යග්‍රහයක් ආරම්භ කරන බව ඔලුවිල් තාක්ෂණ පීඨ ශිෂ්‍ය දෙමාපිය එකමුතුව පවසනවා.
නිවැරදි විෂය නිර්දේශයක් නොමැතිවීම, සිසුන්ට නවාතැන් පහසුකම් නොමැතිවීම සහ තාක්ෂණ පීඨය පවත්වාගෙන යාමට නිසි ගොඩනැගිල්ලක් නොමැතිවීම යන කරුණු කලක් තිස්සේ පැවතිය ද බලධාරීන් ඒවාට විසදුම් ලබාදීමට කල්මරමින් සිටින බවයි ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් කියා සිටියේ.
මේ අතර, මාස දෙකක කාලයක් සඳහා වසා දමා ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වත්මන් තත්ත්වය පිළිබදව පැහැදිලි කිරීම සඳහා එහි උප කුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක පසුගිය දා මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.
එහිදී ඔහු කියා සිටියේ විශ්වවිද්‍යාලය පවත්වාගෙන යාම සඳහා සියළු පාර්ශවයන්ගේ මැදිහත්වීම අවශ්‍ය බවයි.
විශ්වවිද්‍යාලය වසා දැමුණ ද සිසුන් තවදුරටත් සනාතන මන්දිරය තුළ රැඳී සිටින්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් ද පියවරක් ගැනීමට සිදුවන බවයි උපකුලපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.