කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ලියාපදිංචි කිරීමේදී යළි ගෙවීම් සිදුකිරීම ගැටළුවක් බවට සඳහන් කරමින් සයිටම් ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ අදාළ සම්මුඛ පරීක්ෂණ අතරතුර ශිෂ්‍යත්ව පදනම් මත සයිටම් වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ සිසුන් ද වසරකට මිලියන 1.3ක් ගෙවිය යුතු බවට දැන ගන්නට ලැබුණු බවයි.
දැනට සයිටම් ආයතනයට සියළු මුදල් ගෙවා ඇති සිසුන් ද අදාළ ගෙවීම් සිදුකළ යුතු බවත්, එසේ නොහැකි සියළු දෙනා ලියාපදිංචි නොකරන බවත්, සයිටම් ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ප්‍රකාශ කරනවා.
එය කබලෙන් ලිපට වැටීමක් බව සිහිපත් කරන ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් අදාළ ගැටළුව විසදීමට මැදිහත් වන ලෙසයි.