Gossips

ගාල්ල අධිකරණයට අයත් වාහන ගබඩාවකට සොරුන් කඩාවදී

ගාල්ල අධිකරණයට අයත් උණවටුනේ පිහිටි වාහන ගබඩාවට අද අලුයම සොරුන් කණ්ඩායමක් ඇතුළු වී තිබෙනවා.
ගබඩාවේ මුරකරුගේ සහය ඇතිව එහි තිබූ සේප්පුවක් විවෘත කරන අවස්ථාවේ පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇති අතර පසුව සැකකරුවන් පළා ගොස් ඇති බව සඳහන්.
මෙම ගබඩා භූමියේ නවතා ඇති රථ වාහනවල කොටස් කලක සිට සොරකම් කරගෙන ගොස් ඇති බවට පොලීසිය සැක පළ කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් එහි මුරකරු අත්අඩංගුවට ගනු ලැබුවා.