Gossips

බලපත්‍ර නැති රියදුරෙක් ප්‍රදේශයක් අඳුරේ තබයි (ඡායාරූප)

ගාල්ල හිනිදුම කල්වාරි පුදබිම ආසන්න ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
ටිපර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව විදුලි කණුවක ගැටීමෙනුයි අද දහවල් මෙම අනතුර සිදුවී ඇත්තේ.
උඩුගම සිට තවලම දෙසට ධාවනය වූ ටිපර් රථය අධික වේගයෙන් පැමිණි බව සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසීන් සඳහන් කර තිබෙනවා.
ටිපර් රථයේ රියදුරා තුවාල ලබා උඩුගම මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුට වලංගු රියදුරු බලපත්‍රයක් ද නොමැති බවයි වාර්තා වන්නේ.
අනතුරින් පසු ප්‍රදේශයේ විදුලිබලය ද ඇණහිට ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා.

ඡායාරූප – නෙළුව රනිල් ප්‍රියංක