Gossips

බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍යය ඇරඹේ

මෙවර 68 වන වරටත් පවත්වන ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරයේ ඇසළ මංගල්‍යය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව අවසන් රන්දෝලි මහා පෙරහර ලබන 11 වනදා වීථි සංචාරය කිරීමට කටයුතු යොදා ඇති බව බෙල්ලන්විල රජමහා විහාරාධිපති, සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.