Gossips

අගමැති තිරුපති යයි

ඉන්දියාවේ තිරුපති කෝවිල වැඳපුදා ගැනීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් ඊයේ (02) ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඔවුන් අද (03) උදෑසන තිරුපති කෝවිලේ පැවති ආගමික වතාවත් වලට එක්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙහිදී එම ස්ථානයට පැමිණ සිටි ඉන්දීය මාධ්‍යවේදීන් ඉන්දු – ශ්‍රී ලංකා ධිවර ගැටලුව ගැන අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා තිබෙනවා.
ඊට පිළිතුරු දුන් අගමැතිවරයා පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් මේ වනවිට ඉන්දීය රජය සමඟ පුළුල් සාකච්ඡාවක් පවත්වා ඇති බවත් ඉදිරියේදී මෙම ධිවර ගැටලුව සදහා කඩිනමින් විසදුමක් ලබාගත හැකිවනු ඇති බවයි.