Gossips

කහ ඉරෙන් පාර මාරු වූ සිසුවා වෑන් රථයක ගැටෙන අයුරු CCTV කැමරාවේ සටහන් වෙයි

ගාල්ල,මැදගම ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ පාසල් සිසුවෙකු උඩුගම මුලික රෝහල ඇතුලත් කර තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ගාල්ල,මැදගම ආදර්ශ විද්‍යාලයේ සිසුවෙක්.
එම සිසුවා කහ ඉර මතින් අපරික්ෂාකාරීව පාර මාරු වීමට උත්සහ කල අවස්ථාවේ මොරවක දෙස සිට නෙළුව දෙසට ධාවනය වු වෑන් රථයක ගැටී තිබෙනවා.
අනතුර පිලිබඳව නෙළුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර එම අනතුර පාසල අසල වෙළඳ සැළක සවි කර තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණා.
එම වීඩියෝව පහතින්.