Gossips

යුද අපරාධ චෝදනා මත හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ජර්මනියේදී අත්අඩංගුවට

මෙරට පැවති යුද්ධයේදී යුද අපරාධ සිදුකළ බවට හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ජර්මනියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජර්මානු මධ්‍යම නිීතිපතිවරයාගේ ඉල්ලීමකට අනුව ජර්මනියේ – ඩුසල්ඩෝෆ් අධිකරණයේ විනිසුරුවරයා ඊයේ (02) නියෝග කර ඇත්තේ 36 හැවිරිදි බී.සිවතීපන් අත්අඩංගුවට ගන්නා ලෙසයි.
2006 සිට 2009 දක්වා කාලය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවෙන් කටයුතු කර ඇති ඔහු 2008 වසරේදී මෙලෙස යුද අපරාධයක නිරත වූ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.
එල්.ටී.ටී.ඊ ගහනයට හසුවූ ආරක්ෂක හමුදා සාමාජිකයන් 16 දෙනෙකු දෑත් බැඳ වෙඩි තබා ඝාතනයට කළ බවට ඔහුට මෙලෙස චෝදනා එල්ල වී තිබෙනවා.