Gossips

එක්කෝටි හැට එක්ලක්ෂය රත්‍රං සමඟ ඉන්දියානුවෙකු රේගු දැලේ (ඡායාරූප)

රුපියල් එක්කෝටි හැට එක්ලක්ෂයකට වැඩි වටිනාකමකින් යුත් රත්‍රං කිලෝග්‍රෑම් දෙකහමාරකට වැඩි ප්‍රමාණයක් සඟවාගෙන පැමිණි ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අද (03) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු මෝටර් කාර්මික උපකරණ කට්ටලයක් තුල සඟවාගෙන මෙම රත්‍රං තොගය මෙරටට ගෙනවිත් ඇති බවයි ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේ.
ඩුබායි සිට චෙන්නායි හරහා දිවයිනට පැමිණි ඔහු 44 හැවිරිදි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වැසියෙක්.


ඡායාරූප – කටුනායක, ප්‍රසාද් මුතුකුඩ / ටී.කේ.ජී.කපිල