Gossips

වව්නියාව සතොසේ අලෙවි කළ සීනිවල යුරියා මිශ්‍ර වී ඇතිබව හෙළිවෙයි (ඡායාරූප)

වවුනියාව සතොස වෙළඳසැලේ අලෙවි කරන ලද සිනි වලට යුරියා පොහොර මිශ්‍ර වී ඇති බව වව්නියාව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසනවා.
වව්නියාව, සතොස ශාඛාවේ සේවකියන්ගේ අපරික්ෂාකාරී බව හේතුවෙන් මෙලෙස යුරියා කලවම් වී ඇතිබවයි ඔවුන් පවසන්නේ.
වව්නියාව සතොස ශාඛාවෙන් මිලදීගත් සීනි තුළ කිසියම් වෙනසක් පැවතීම හේතුවෙන් පාරිභෝගිකයෙකු සිදුකළ පැමිණිල්ලකට අනුවයි මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන් මේ වැටලීම සිදුකර ඇත්තේ.
ඒ අනුව කළ පරික්ෂණ වලදි වව්නියාව සතොස ශාඛාවේ විකිණීමට තිබු සීනි උරයක් තුළ යූරියා පොහොර පවතින බවට ඊයේ (02) අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම වව්නියාව සතොස වෙළඳසැලෙන් සීනි මිළදිගත් පාරිභෝගිකයින් සිටිනම් වහාම අදාළ සීනි භාවිතයෙන් ඉවත් කරන ලෙසට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් ඉල්ලා සිටිනවා.
අදාළ සීනි රැගෙන ගිය පාරිභෝගිකයින් එම සිනි පරිභෝජනය කර ඇත්නම් වහාම ළඟම පිහිටි රෝහල් වෙත ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලා සිටින්නේ.
මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසනවා.

(ඡායාරූප – රොමේෂ් මදුශංක )