Gossips

වැල්ලවාය රන්දෙනිගොඩ යාය ප්‍රදේශයේ ගින්නකින් අක්කර 5 ක් විනාශයි

වැල්ලවාය හඳපානාගල රන්දෙනිගොඩ යාය ප්‍රදේශයේ හටගත් ගින්නනික් අක්කර 5 ක් විනාශ වී තිබෙනවා.
ඊයේ (02) රාත්‍රියේ සිට මේ ගින්න පැතිරෙමින් තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අලි ගම්වැදීම වැලක්වීමට කිසියම් පිරිසක් විසින් මෙලෙස ගිනි තබන්නට ඇතැයි බලධාරින් සැක පල කරන්නේ.
මේ අතර, වැල්ලවාය පේරකැටිය සහ පුනාගල රක්ෂිතයේ පෙරේදා (01) හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර 700ක් පමණ විනාශ වී තිබෙනවා.
මේ වනවිට ගින්න යම්තාක් දුරට මැඩපවත්වා ඇතත් රක්ෂිතයේ තැනින් තැන තවමත් ගිනි ගනිමින් තිබෙන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

(ඡායාරූප – යු.එස්.පි බන්ඩාර )