Gossips

ශ්‍රී ලංකාවෙන් පැන්නූ මිලියන 77 ක රත්‍රං තමිල්නාඩුවෙන් අල්ලයි

ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන ආ ඉන්දීය රුපියල් කෝටි 3 යි දශම 3 යි 2 ක් වටිනා රන් කැබලි සහ ස්වර්ණාභරණ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මණ්ඩපම් වෙරළෙන් සොයා ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා මුදලින් එහි වටිනාකම රුපියල් කෝටි 7 යි දශම 7 යි 3 ක්.
ඒවා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් තුන්දෙනෙකු ද චෙන්නායි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් මෙම රන් තොගයේ බර කිලෝග්‍රෑම් 11යි දශම 1 යි 5 ක් බව සඳහන්.
2017 වසරේ නොවැම්බරයේදී දකුණු ඉන්දියාවේ තොණ්ඩායි වෙරළෙන් සොයා ගත් කිලෝග්‍රෑම් 9 යි දශම 2 ක රන් තොගයෙන් පසු ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ඒමේදී අත්අඩංගුවට පත්වූ විශාලතම රන් තොගය මෙයයි.