Gossips

උසස් පෙළට හමුදාව නැහැ

මෙවර උසස් පෙළ විභාගය සඳහා අතිරේක විභාග ශාලාධිපතිවරුන් ලෙස යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් යොදා ගැනීමට ගෙන තීබු තීරණය විභාග දෙපාර්තමේන්තුව අත්හිටුවා තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සහ අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව අතර ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹි බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මෙවර උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2268කදී ලබන 6 වන දා සිට සැප්තැම්බර් මස 1 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.
ඒ සඳහා අපේක්ෂකයින් තුන්ලක්ෂ විසි එක්දහස් හාරසිය හැටනමදෙනෙකු පෙනී සිටින බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.