Gossips

මුල්ලේරියාවේදී කාන්තාවක විසින් පුද්ගලයෙකු ඝාතනය කරයි

මුල්ලේරියාව – රුක්ගහවත්ත ප්‍රදේශයේදී කාන්තාවක විසින් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ සිදුව ඇති මෙම සිද්ධියේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
සිද්ධියට සම්බන්ධ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.