Gossips

මුලතිව් ප්‍රදේශයට අයිස් වැස්සක්

පැවති නියඟය හමාර කරමින් මුලතිව් ප්‍රදේශයට ඊයේ(02) සවස ඇද හැලුණ වර්ෂාවත් සමඟ අයිස් කැට පතිත වු බව මුලතිව් ප්‍රදේශවාසීන් පවසනවා.
මුලතිව් නගරයේ ස්ථාන කිහිපයකට ඊයේ(02) සවස මද වැස්සක් පතිත වි ඇති අතර, වැස්සත් සමඟ අයිස් කැට පතිත වූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
ප්‍රදේශවාසීන් පැවසූවේ පසුගිය මාස පහක පමණ කාලයක් මුලතිව් ප්‍රදේශයට සැළකිය යුතු වර්ෂාවක් නොලැබුණ අතර, ප්‍රදේශයේ ජනතාව මේ වන විට පානීය ජලය සපයා ගැනීමේ ගැටළුවකටද මුහුණ දී සිටින බවයි.

වවුනියාව -මාධව කුලසූරිය