Gossips

පාප් වහන්සේ මරණ දඬුවමට එරෙහි වේ

මරණ දඬුවම පිළිබඳ කතෝලික පල්ලියේ ඉගැන්වීම්වල වෙනසක් සිදුකරමින් සියලූම ආකාරයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කිසිසේත් පිළිගත නොහැකි බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා.
ඇතැම් අවස්ථාවන් සඳහා මරණ දඬුවම යොදාගත හැකි බවට මීට පෙර දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේගේ සමයේදී ප්‍රකාශ කර තිබුණා.
එමෙන්ම, මරණ දඬුවම පිළිබඳව කතෝලික පල්ලියේ මතය නූතන යුගයේ ප්‍රවණතාවන්ට ගැලපෙන පරිදි සැකසිය යුතු බවටද පසුගිය ඔක්තෝම්බරයේ අදහසක් පළ වුණා.
ඒ සියලූ කරුණුවලට පිළිතුරු ලෙසයි පාප් වහන්සේ මරණ දඬුවම පිළිබඳව සිය මතය තිරසාර ලෙස ප්‍රකාශ කර ඇත්තේ.
මිනිසත් බවේ නොකෙලෙසිය යුතු ගරුත්වයට එරෙහි වන මරණ දඬුවම මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන අතර, ලොව පුරා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව කතෝලික පල්ලිය කටයුතු කළ යුතු බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අවධාරණය කළා.