Gossips

රුපියල් කෝටියක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙකු පිටකොටුවේදී අත්අඩංගුවට

රුපියල් කෝටියක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතිකයෙකු පිටකොටුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු ළග තිබී ග්‍රෑම් 878 ක් බරැති මෙතෆෙටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය සොයා ගනු ලැබූ බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ප්‍රකාශ කළේ.
ඊයේ සන්ධ්‍යාවේ අත්අඩංගුවට ගත් ඉන්දියාවේ -තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාදපුරම්හි පදිංචිකරුවෙකු වන 30 හැවිරිදි මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවට නිතර පැමිණෙන අයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.
මේ අතර, රුපියල් තිස් දෙලක්ෂ 50,000 ක් වටිනා ග්‍රෑම් 500 ක් බරැති රන් බිස්කට් 5 ක් සමග ගම්පහ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිංගප්පූරුවේ සිට ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන ඇත්තේ අද අලූයමයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපල පෞද්ගලික පවිත්‍රතා සේවකයෙකු ද රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.