Gossips

සිම්බාබ්වේ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කෙරේ

සිම්බාබ්වේ දේශයේ පසුගියදා පැවති ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස ජනාධිපති එමර්සන් මනන්ග්වා නම් කර තිබෙනවා.
ඔහුට සියයට 50 යි දශම 8 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවී ඇති අතර, ඔහුගේ ප්‍රතිවාදියා වන නෙල්සන් චමීසාට හිමිව ඇත්තේ සියයට 44 යි දශම 3 ක ඡන්ද ප්‍රතිශතයක්.
කෙසේ නමුත්, විපක්ෂ අපේක්ෂකයා ඡන්ද ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කර ඇති අතර, මහ මැතිවරණයෙන් පසු සිම්බාබ්වේ හි පවතින ප්‍රචන්ඩ ගැටුම් තවමත් මුළුමනින්ම අවසන් වී නොමැති බව සදහන්.
රොබට් මුගාබේ ගේ සහභාගිත්වයෙන් තොරව දශක ගණනාවකට පසුව පැවති ප්‍රථම මැතිවරණයෙන් පසු හරාරේ අගනුවර පැවති දේශපාලන ගැටුම්වලින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.