Gossips

දැඩි සුළඟකින් නිවාස 76 කට හානි (ඡායාරූප)

අම්පාර, නවගම්පුර සහ සමන්තුරේ ඇතුලු ප්‍රදේශ කිහිපයකට තද සුළං තත්වයකින් බලපෑම් එල්ලවී තිබෙනවා.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ නිවාස 76 කට පමණ සුළගින් හානි සිදුව ඇති බවයි.
අප වාර්තාකරු සඳහන් කළේ පස්වරු 5 ට පමණ වර්ෂාවත් සමග සුලග හටගෙන ඇති අතර නවගම්පුර ප්‍රදේශයට එමගින් වැඩිම හානියක් සිදුව ඇති බවයි.
ගස් කඩා වැටීම හේතුවෙන් එම ප්‍රදේශවල විදුලිබලය ද ඇණහිට තිබු බව සඳහන්.

ඡායාරූප – අම්පාර වසන්ත චන්ද්‍රපාල