Gossips

පිබිදෙමු පොලොන්නරුව දෙවන දිනටත් ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ග්‍රාමීය සංවර්ධනය සදහා රජය විශාල මුදලක් වැය කරන්නේ රටේ සියලූ ජනතාව සතුටින් තැබිමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ සෙවණපිටිය, හැවන්පිටිය දෙමළ මහා විද්‍යාලයේ නව දෙමහල් පංති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරිමේ අවස්ථාවට එක්වෙමින්.
පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරිම දෙවන දිනටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා.
ඒ අනුව, පොලොන්නරුව නව නගරය සදහා රුපියල් මිලියන 5.52 ක වියදමින් ඉදිකෙරුණු ඇවිදින මං තීරුව විවෘත කෙරුණු අතර, එහිදි ජනාධිපතිවරයා පැමිණ සිටි ජනතාව සමග සුහද කථාබහක නිරත වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
පොලොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලය සදහා රුපියල් මිලියන 80.6ක වියදමින් ඉදිකෙරුණු ක්‍රීඩාංගනයද සිසු අයිතියට පත් කිරිමේ අවස්ථාවටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්ව සිටියා.
පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ සිදු කෙරුණු අරලගංවිල ප්‍රාදේශීය රෝහලේ සංවර්ධන කටයුතු ජනතා අයිතියට පැවරුණේ ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.
විලයාය ප්‍රාථමික විද්‍යාලය සදහා ඉදිකෙරුණු නව දෙමහල් ගොඩනැගිල්ල සහ විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් පංති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම සිදු කෙරුණේ ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.
එමෙන්ම අරලංගවිල කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා.