Gossips

අම්පාර දිස්ත්‍රික්කයේ පරිපාලන කටයුතු අඩාල වෙයි (ඡායාරූප)

අම්පාර දිසාපතිවරයා මාරැකිරිමට විරෝධය පල කිරිම සදහා අම්පාර දිස්ත්‍රික්කයේ පරිපාලන නිළධාරින් අද (02) දින සේවයට වාර්තා නොකිරිම හේතුවෙන් දිස්ත්‍රික්කය තුල පරිපාලන කටයුතු මුලිමනින්ම අඩාලවි ඇති බව වාර්තා වනවා.
මිට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 20 ක සහ ගොවිජන සේවා,ඉඩම් කොමසාරිස් කාර්යාලවල පරිපාලන නිළධාරින්ද මේ විරෝධතාවට එක්වී සිටිනවා.
අම්පාර දිසාපති කාර්යාලයේ පරිපාලන නිළධාරින්ද ලෙඩ නිවාඩු දමා නොපැමිනිම හේතුවෙන් රාජකාරි කටයුතු කරගැනිමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි අප වර්තාකරු සදහන් කළේ.
අම්පාර රිගල් හන්දියෙන් විරෝධතා පා ගමන ආරම්භවී අම්පාර නගරයට පැමිනි විරෝධතා කරැවන් මාර්ගය අවහිර කරමින් විරෝධයේ නිරත වී තිබෙනවා.
මේ විරෝධතාව සදහා ආදිවාසින් එක්ව සිටි බවයි වාර්තාවන්නේ.

(ඡායාරූප – වසන්ත චන්ද්‍රපාල / සමන් චන්ද්‍රතිලක )