Gossips

බදු නැංවීමෙන් දුම්කොල සමාගමට මිලියන 4000ක අමතර ආදායමක්

දුම්වැටි මිල ඉහළ දැමීමෙන් රුපියල් මිලියන 4,000 ක අමතර ආදායමක් බ්‍රිතාන්‍ය – ඇමරිකා දුම්කොළ සමාගම වෙත ලබාදී ඇතැයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය චෝදනා කරනවා.
පසුගිය වසර කිහිපයේ දුම්වැටි මිල ඉහළ දැමූ ආකාරය සැළකීමේදී එය දුම්කොළ සමාගමට වාසිදායක අයුරින් සිදුවී ඇති බවයි එහි විධායක අධ්‍යක්‍ෂ පුබුදු සුමනසේකර කියා සිටියේ.