Gossips

මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාලයට ප්‍රහාරයක් (ඡායාරූප)

මුලතිව් මුහුදේ තහනම් දැල් ආම්පන්න යොදාගනිමින් සිදුකරන මසුන් ඇල්ලීම වහාම නතර කරන ලෙස රජයට බලකරමින් අද (02) මුලතිව් ප්‍රදේශයේ සියලුම ධීවරයින් උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.
මුලතිව් නගරයේ සිට පා ගමනින් මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වෙත ගිය විරෝධතාකරුවන් එම ස්ථානයේ උද්ඝෝෂණයක නිරත වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
ඔවුන්ගේ ඉල්ලීම් සඳහා කිසිදු බලධාරියෙක් ඉදිරිපත් නොවීම හේතුවෙන් උරණ වූ විරෝධතාකරුවන් සහකාර ධීවර පරික්ෂක කාර්යාලට ඇතුළු වී කාර්යාලයේ දේපලවලට දැඩි හානියක් සිදු කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.
කෙසේ නමුත් මෙම උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලිස් කැරළි මර්ධන ඒකකයත් කැඳවූ බවයි පොලිසිය සදහන් කළේ.
මේ වනවිට තත්ත්වය පාලනය කර ඇතිබවයි අප වර්තාකරු පැවසුවේ.
සිද්ධිය පිලිබඳ මුලතිව් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

(ඡායාරූප – රොමේෂ් මදුශංක )