Gossips

කේරළ ගංජා කිලෝ 130 ක් සමඟ පුද්ගලයෙකු මන්නාරමේදී අත්අඩංගුවට

මන්නාරම – ඉප්පුතුඩුවායි ප්‍රදේශයේදී කේරළගංජා කිලෝ 130 ක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ නාවික හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත අදාළ වැටලීම සිදුකළ බවයි.
මෙම කේරළ ගංජා ප්‍රවාහනය කිරීම සඳහා සුදානම් කර තිබියදියි මෙලෙස පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පසුව කේරළ ගංජා තොගය සහ අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබෙනවා.