Gossips

වීසා නොමැතිව ලා ඕසයට යාමට ශ්‍රී ලාංකිකයන්ට වරම්

ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රලාභීන්ට ඊයේ (01) සිට බලපැවැත්වෙන පරිදි ලා ඕස ජනරජයට පැමිණීමෙන් පසු වීසා බලපත් ලබාගැනීමේ පහසුකම හිමිවී තිබෙනවා.
ලා ඕස විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ බව දැනුම්දී ඇතැයි මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා.
ඒ අනුව ශ්‍රී ලාංකිකයන්ට වීසා බලපත් නොමැතිව හෝ දේශසීමාව වෙත ළඟාවීමෙන් පසු වීසා ලබාගැනීමේ පහසුකම හිමිවන රටවල් හෝ ප්‍රදේශ සංඛ්‍යාව 43 දක්වා ඉහළ යනවා.
කෙසේ නමුත් ගමන් බලපත්‍රයේ සංචාර නිදහස අතින් මෙරට ගමන් බලපත්‍රයට හිමිවී ඇත්තේ ලොව රටවල් අතුරින් 94 වන ස්ථානයයි.