Gossips

තෙවරප්පෙරුම රෝහලේ

දින 5 ක් බුලත්සිංහල නගරයේ උපවාසයක නිරතවූ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ ඔහුගේ පුතු අද කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණේ වෛද්‍ය උපදෙස් මතයි.
උපවාසයේ නිරත වූ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අද කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන සිය පුත්‍රයා බැලීම සඳහා පිටත්ව ගිය අතර, පසුව ඔහුද එම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ, නියෝජ්‍ය අමාත්‍යවරයා උපවාසයේ නිරතවීම හේතුවෙන් ඔහුගේ පුත්‍රයාද රෝගීව පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබූ බවයි.